2 comments

අමනුස්සයන් එන්නේ කොහොමද?

12:34 AM

ප්‍රශ්නය කොහොමද අමනුස්සයො අපිට ලන් වෙන්නේ. වෙනත් ඕනෑම දෙයක් වගේ තමයි ඉතින් මේකත් මාද්‍යය/ සන්නිවේදනය හරහා තමයි අපිට එන්නේ. නැත්නන් අමුතු දෙයකින් එන්නේ නෑ. අද පත්තර වල වැඩිපුර තියෙන්නෙ මේව. කටකතා වලත් අඩුවක් නෑ. ඉතින් අමනුස්සයො වැහි වැහැලා.





ඔබ මේ දකින්නේ අමනුස්සයන් ප්‍රචාරනය වෙන එක් ක්‍රමයක් පමනි. තවත් බොහෝ ක්‍රම ඇත.

සන්නිවේදනයේ දියුනුව සමග අමනුස්සයන්ගේ බලපෑම් වැඩිවන්නේ මෙසේයි.

ගොඩක් වෙලාවට බොරු කටකතා තමයි ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය වෙන්නේ. නමුත් ප්‍රසිද්ධ මාධ්‍යය අද කරන්නේ මෙම බොරු විකුනාගෙන කෑම බව දන්නෝ දනිති. සෑම රූපවාහිනී විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයක්ම පාහේ ඔවුන්ගේ පැවැත්මට මෙම අමනුස්ස බලවේග ප්‍රචාරනය උපයෝගී කරගන්නේ ඉතා සූක්ෂමවයි.

අමනුස්ස බලවේග ප්‍රචාරය කරන තවත් කණ්ඩායමක් සිටී. ඔවුන් නමින් කපුවන්/කට්ටඩියන්/ඇදුරන් ලෙස හඳුන්වයි. මොවුන් ඉතා කපටි ඉතා සරල උපක්‍රම භාවිතා කරමින් ජනයා මුලාකර මෙම ප්‍රචාරන කටයුතු සිදුකරගෙන යයි. මුලින් ජනයා මුලාකිරීමත් පසුව බිය වැද්දීමත් පසුව මානසික බලපෑම් කිරීමත් යන ක්‍රියා පටිපාටිය මොවුන් ගෙනයයි.



Watch Full Video:
https://www.youtube.com/watch?v=dcMDtWtD-kA

2 comments:

  1. බුදු හාමුදුරුවෝ කොතනකදිවත් දෙවියන්ට පූජා තියන්න ,දෙවියන්ගෙන් පිහිට ලබාගන්න කියලා කියලා නෑ.නමුත් දෙවියෝ කියල කොට්ඨාශයක් ඉන්නවා.ඒක බුද්ධ වචනය.දීපංකර පාදමූලයේදී අප මහා බෝධි සත්ත්වයෝ විවරණ ගත් දිනේ පටන් අනන්ත සසරේ උන් වහන්සේ අතින් යම් යම් වැරදි වුනා නමුත් උන් වහන්සේ දේශනා කරනවා කවරදාකවත් බොරුවක් නම් කියල නෑ.මොකද උන්වහන්සේ එන්නේම් සත්‍ය අවබෝධ කරන්න....මේ සත්‍යත් බොරු කරන්න හදන පණඩිතයන් තමා ගොඩකන්දල,ගාමිණී අභය කියන දොස්තරලදෙන්නා .....වේරගම දොස්තරටත් මම කියන්නේ,බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවේ.අනිත් කාරනය තමා ;දානය............දානයක් දෙන්නේ හිතේ ලෝභය නැති කරගැනීමට මිස දෙවියො සතු‍ටු කරන්නනොවේ.බුදු දහම යනු විශ්වීය දහමකි ,ඔබලා කට වරද්දගන්න එපා............බුදුහාමුදුරුවෝ යමක් දේශනා කලේ හේතු ඇතිවයි.උන් වහන්සේ හේතු නැතිව කිසිවක් දේශනාකලේ නෑ.මොන ආගමේ ඇදහුවත් මේ ලෝකයේ යමකු යම් හේතුවක් සැකසුවද ,ඊට අනුරූප වූ ඵලය ලැබෙනවාමය.ඉතින් පිට ආගම් වල බමුණන් මෙලෙස සුලුහෝ දන් දීමේ චේතනා ඇතිව යමක් පූජා කරනවද ඉන් කුසලයක් සිද්ධ වෙනවා.අනිත් කාරණය තමා මේ ලෝකේ ඉන්නේ මිනිස්සුයි,තිරිසන්සත්ත්වයින් විතරක් කියල හිතන දොස්තරවරුලට මම එකක් කියනවා.ඔබලා බුද්ධ වචනයටත් අභියෝග කරලා.මේ වෙබ් අඩවියේ කරන ආනන්තරිය පව් කමට අහිංසක මිනිස්සු ගාවගන්න එපා.....[ඔබලා කියන්නේ නම් අපි මිථ්‍යා දෘෂ්ටිය පි‍ටු දකිනවා කියලා]

    ReplyDelete
  2. ගරු වේරගම මැතිදුනි ඔබ අන් අය මිථ්‍යාවෙන් මුදවාගැනීමට පෙර ඔබ,මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සිටින්න!

    ReplyDelete

 
Toggle Footer
Top