2 comments

මිනිස් සිත යනු කුමක්ද ?

2:02 AM
What is human mind ?



මිනිස් සිත යනු මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය/දියුනුව නිසා ඇතිවූ දෙයකි. ජීවී පරිනාමය තුල මිනිස් මොලය අන් සත්වයන්ට වඩා වැඩි ප්‍රමාණයෙන් පරිනාමය විය. මිනිසා තුල හටගත් නිර්මානශීලී හැකියාව නිසා මිනිස් චින්තනය දියුනු විය. ලොව අන් කිසිම සත්වයෙකුට නැති චින්තනය මිනිසා සතු වූයේ ඔහුගේ නිර්මානශීලී ජීවන චර්යා හේතුවෙනි. මානව පරිනාමය ගැන දන්නා ඕනෑම කෙනෙකුට එය මනාව පැහැදිලි වේ.

චින්තනය දියුනු වීමත් සමග මොලයේ ක්‍රියාකාරීත්වය වේගවත් වී මන-නම-මම එකිනෙකට පැටලුනු නූල් බෝලයක් සේ ලිහාගත නොහැකි ලෙස සංකීර්ණ විය. කෙනෙක් සිටින බව මොයල විසින් ප්‍රත්‍යක්ෂ කෙරින. එම සිත සයවෙනි ඉන්ද්‍රිය ලෙස සැලකීමට පටන් ගත්හ. ඇත්ත වශයෙන්ම සිදුවූ මොලයේ තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය මිනිසා නොදුටී.
Newer Post
Previous
This is the last post.

2 comments:

  1. බුදු හාමුදුරුවෝ කොතනකදිවත් දෙවියන්ට පූජා තියන්න ,දෙවියන්ගෙන් පිහිට ලබාගන්න කියලා කියලා නෑ.නමුත් දෙවියෝ කියල කොට්ඨාශයක් ඉන්නවා.ඒක බුද්ධ වචනය.දීපංකර පාදමූලයේදී අප මහා බෝධි සත්ත්වයෝ විවරණ ගත් දිනේ පටන් අනන්ත සසරේ උන් වහන්සේ අතින් යම් යම් වැරදි වුනා නමුත් උන් වහන්සේ දේශනා කරනවා කවරදාකවත් බොරුවක් නම් කියල නෑ.මොකද උන්වහන්සේ එන්නේම් සත්‍ය අවබෝධ කරන්න....මේ සත්‍යත් බොරු කරන්න හදන පණඩිතයන් තමා ගොඩකන්දල,ගාමිණී අභය කියන දොස්තරලදෙන්නා .....වේරගම දොස්තරටත් මම කියන්නේ,බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවේ.අනිත් කාරනය තමා ;දානය............දානයක් දෙන්නේ හිතේ ලෝභය නැති කරගැනීමට මිස දෙවියො සතු‍ටු කරන්නනොවේ.බුදු දහම යනු විශ්වීය දහමකි ,ඔබලා කට වරද්දගන්න එපා............බුදුහාමුදුරුවෝ යමක් දේශනා කලේ හේතු ඇතිවයි.උන් වහන්සේ හේතු නැතිව කිසිවක් දේශනාකලේ නෑ.මොන ආගමේ ඇදහුවත් මේ ලෝකයේ යමකු යම් හේතුවක් සැකසුවද ,ඊට අනුරූප වූ ඵලය ලැබෙනවාමය.ඉතින් පිට ආගම් වල බමුණන් මෙලෙස සුලුහෝ දන් දීමේ චේතනා ඇතිව යමක් පූජා කරනවද ඉන් කුසලයක් සිද්ධ වෙනවා.අනිත් කාරණය තමා මේ ලෝකේ ඉන්නේ මිනිස්සුයි,තිරිසන්සත්ත්වයින් විතරක් කියල හිතන දොස්තරවරුලට මම එකක් කියනවා.ඔබලා බුද්ධ වචනයටත් අභියෝග කරලා.මේ වෙබ් අඩවියේ කරන ආනන්තරිය පව් කමට අහිංසක මිනිස්සු ගාවගන්න එපා.....[ඔබලා කියන්නේ නම් අපි මිථ්‍යා දෘෂ්ටිය පි‍ටු දකිනවා කියලා]

    ReplyDelete
    Replies
    1. ඉතා වටිනා කරුණු ඉදිරිපත් කරා ඔබ එහෙත් මේ නිරාගමිකයින් පිලිගන්නඇ ඒ වගේ ඔවුන් පන්ඩිතකම පෙන්වන්න ඔය කතා කියනවා

      Delete

 
Toggle Footer
Top