0 comments

අමනුස්ස බලවේග

12:13 AM
අමනුස්ස බලවේග යනු මිනිසුන් සාදාගත් තවත් සත්ත්ව කොටටාෂයකි. මොවුන්ගෙන් මිනිසුන්ට කරදර වියහැකි බවට මිත්යා විස්වාස අද සමාජයේ එමටයි. මේ මිත්යා විස්වාස වලින් හම්බ කරන් කන හොර තක්කඩි අද සමාජයට පිලිලයකි. අද රටේ රජවරුන්ගේ සිට හිගන්නා දක්වා මෙම හොර තක්කඩින්ට හසුවීම කෙතරම් හාත්සය උපදවන්නක්ද?

දුර්වල කමරා කාචයකට හොල්මන් චායාරූප වදින ආකාරයටම කෙනෙකුට හොල්මනක් පෙනීමේ සම්භාවිතාවක් නැත්තේ නොවේ. නමුත් එය ඇත්තටම පවතින දෙයක් නොවේ. සිදුව ඇත්තේ කැමරා කාචයට සිදුවූ දෙයම විය හැක. ඊට අමතරව කිසිම භාහිර සන්ඥාවක් නොමැතිව වුවද මිනිස් මොලය තුල විකාර රූප නිර්මානය විය හැක.
ප්‍රශ්නය කොහොමද අමනුස්සයො අපිට ලන් වෙන්නේ. වෙනත් ඕනෑම දෙයක් වගේ තමයි ඉතින් මේකත් මාධ්‍යය/ සන්නිවේදනය හරහා තමයි අපිට එන්නේ. නැත්නන් අමුතු දෙයකින් එන්නේ නෑ. අද පත්තර වල වැඩිපුර තියෙන්නෙ මේව. කටකතා වලත් අඩුවක් නෑ. ඉතින් අමනුස්සයො වැහි වැහැලා.

ගොඩක් වෙලාවට බොරු කටකතා තමයි ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය වෙන්නේ. නමුත් ප්‍රසිද්ධ මාධ්‍යය අද කරන්නේ මෙම බොරු විකුනාගෙන කෑම බව දන්නෝ දනිති. සෑම රූපවාහිනී විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයක්ම පාහේ ඔවුන්ගේ පැවැත්මට මෙම අමනුස්ස බලවේග ප්‍රචාරනය උපයෝගී කරගන්නේ ඉතා සූක්ෂමවයි.


0 comments:

Post a Comment

 
Toggle Footer
Top