7 comments

පුනරුප්පත්තිය යනු කුමක්ද?

10:56 PM


පුනරුප්පත්තිය යනු කුමක්ද කියා විග්‍රහ කිරීමට එම සංකල්පයේ ඉතිහාසය පිලිඹඳ සොයාබැලීම වැදගත් වේ. අතීතයේ මිනිසුන් අද මෙන්ම තම ඉන්ද්‍රිය ඔස්සේ දැනුම ලබාගත් අතර තම ඉන්ද්‍රියට ගෝචර නොවෙන දේ පිලිබඳව දැනුම ලබගත්තේ  ආගම තුලින් වූ අතර ආගමෙන් මිනිසුට ඇතිවූ තමන්ට විසඳාගත නොහැකි ප්‍රශ්න වලට කෙලින්ම පිලිතුරු ලබාදෙන ලදී. එම පිලිතුරු ප්‍රශ්න නොකරම එය අනුගමනය කරන්නෝ එය ඇදහූවෝය. අනිත් අය වෙනත් ආගම් සොයා ගියෝය.
එතකොට මොකද්දමේ පුනරුප්පත්ති කතාව, ඒක මෙහෙමයි හැදුනේ, මිනිස්සුන්ට ඕන උනා තමන් මැරුණම මොකද වෙන්නෙ කියා දැනගන්න (හැබැයි මරණය කියන්නෙ සම්මුති මරණයක් මිසක් ආත්මය නැතිබව පැරණි අය දැන නොසිටියෝය, අද මෙන්ම ). ඔන්න ආගමික කල්ලි වැඩේ පටන් ගත්ත. හරියටම කිව්ව මේකයි මැරුණම වෙන්නෙ කියල, මැරුනම ආපහු උපදිනව කිව්ව. එහෙම කියල ඒකෙන් ලාබ ප්‍රයෝජන ගත්ත. වැඩේ තවත් සංකීරණ කලා මේ ඇත්තො. මැරුනම දිවිය ලෝකෙ , බ්‍රහ්ම ලෝකෙ යවන උදවිය කඩ ඇරගත්ත. කෙලින්ම ස්වර්ගෙට යවන උන් තව පැත්තක කඩේ ඇරිය. ඒ ඒ තැන්වලට ටිකට් බුක් කරන්න පින් ලබාගන්න පූජකයො ගාවට යන්න උනා. අලුත් රැකියා අවස්ථා බිහි උනා ආගමික කඩවල් වල.

මේ අතරේ හේතුවක් නැතුව කෙනෙක් කී පමණින් පිලි නොගන්නා අයත් ලෝකයේ බිහිඋනා. මේ සංකල්ප ගැන හේතුවාදීව කරුනු හෙව්වා. ඒවායේ ප්‍රතිඵල විදියට තමයි බුද්ධ දර්ශනය වගේ හේතුවාදී දහමක් බිහිවන්නේ. මිනිසා විසින් ප්‍රශ්නකල පුනරුප්පත්තියට පුනර්භවයෙන් උත්තර ලබාදුන්නා. පුනර්භවය සංකල්පය තුලින් සියලු ආගමික මිත්‍යා මත බිඳ වැටුනු අතර එය හේතුඵල දහම ලෙස අදටත් නොණැසී  පවතින දහමක් (දැනුමක් ).


7 comments:

  1. හේතුඵල දහම කුමක්ද?

    සත්වයා නොහොත් මම/ ආත්මය/සිත /මනස/... යන ස්ථිර පවතින කෙනෙක් නැතිබව පෙන්නූ දහම මෙයයි.


    අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හෙවත් නොදැනීම හේතුකොටගෙන සංස්කාරයක් හටගනී.
    සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හෙවත් තරංග දහරාව හට ගනී.
    විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාමය හා රුපය එකට එක් වේ.
    නාමරූප පච්වචයා සලායතනං - මේ නාම රූප දෙක එකට එක් වීමෙන් පසු ආයතන හයක් (ඇස කන නාසය දිව ශරීරය.. )කියාත්මක වේ .
    සලායතන පච්චයා ඵස්සෝ - ඇස කන නාසය දිව ශරීරය යන ආයතන ක්‍රියාත්මක වීමෙන් ස්පර්ශයයක් හටගනී.
    ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන අපේ ඇස කන නාසය දිව ශරීරයට.. යම්කිසි දැනීමක් හටගනී.
    වේදනා පච්චයා තණ්හා - මේ ඇතිවන අරමුණු නිසා තණ්හාව හටගනී.
    තණ්හා පච්චයා උපාදානං - තදකොට අල්ලා ගැනීම උපාදනයයි.
    උපාදාන පච්චයා භචෝ - මේ තදකොට අල්ලා ගත් දෙය නිසා භවය හටගනී.
    භව පච්චයා ජාති - භවය මෙසේ නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී

    ReplyDelete
  2. භවය/පුනර්භවය කියන්නෙ මැරුනම එන එකක් නෙවෙයි. සරලම පැහැදිලි කිරීම: කාලයට හසුවීමයි. නැතහොත් ඉන්ද්‍රියන්ගෙන් ගන්නා දෙය නිසා මුලා වීමයි. නැතහොත් භවය යනු කාලය පවතිනවා සේ දැනීමයි(නමුත් කාලය යනු පවතින දෙයක් නොවෙයි ) .නමුත් දැනෙන කෙනෙක් නෑ. කෙනා පහල වෙන්නෙ කාලයත් සමගයි. භවයන් නැවත නැවත ඇතිවීම කෙනා පහල වීමට හේතුවයි.

    ReplyDelete
  3. කවුරු මොන සම්මුතියේ හිටියත් හේතු ඵල නියාමය ක්‍රියත්මකයි.එවා සම්මුති නොව පරමර්ථ ධර්මයි.මරණය හැම මොහොතකම වෙන දෙයක් ඒ කියන්නේ මේ ලෝකය හැදිලා තියන ශුද්ධාෂ්ඨක ඇතිවී ,පැවතී,නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි.කොටින්ම කීවොත් මරණය යනු මේ ශුද්ධාෂ්ඨක වල නැතිවීමයි.එය ක්ෂණික මරණයයි.ඇත්තටම ජීවියකුගේ ජීවිතය නැති වෙනවා යනු ස්කන්ධ පරම්පරාවේ අලුත් වීමයි.මෙහිදී මැරුණු සත්ත්වයාගේ කයෙන් ආත්මයක් පිටවයනවා ලෙස ඇදහීම'උච්ඡේද දෘෂ්ටියයි.එය මිථ්‍යා දෘෂ්ටියකි.නමුත් හේතු ඵල නියාමය ක්‍රියාත්මකනම් එනම්,පරමාර්ථ ධර්ම හේතු කොටගෙන පටිච්ච සමුප්පාදය අනුව නැවත ස්කන්ධ සමූහයක පහළ වීමක් ඇතිවෙනවා.මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා මහත්මයානෙණි.....එහෙනම් අපි හිතුවොත් සත්තුත්,මිනිස්සුත් ගස්වැල් මැරෙන්නාක් මෙන් මැරිලා යනවා......ගහේ බීජ වලින් පැළ හැදෙන්නා වගේ මිනිස්සුන්ගේ බීජ එකතුවී මිනිස්පරම්පරාවක් හැදීමක් විතරයි වන්නේ කියල හිතුවොත් නැවත උපතක් නෑ කියලා දැක්කොත් ඒදැකීමත් මිථ්‍යා දෘෂ්ටියක්.හේතු ඵල අනුව ස්කන්ධවල පහළ වීමයි....නැවත උපදිනවා කියන්නේ...ඔයකතාව පස්සේ ලැවෝසියර් කියන භෞතික විද්‍යාඥයා සොයගත්තේද මේ ස්කන්ධ ධාතුවල අංශුමය හා තරංගමය ස්වභාවයයි.''ලෝකයේ කිසිම ස්කන්ධයක්[රූපකොටස්]හෝ ශක්තියක් මැවිය නොහැකිය.විනාශ කිරීම කළ නොහැක .ස්කන්ධයක් ශක්තිය බවටත්,ශක්තිය ස්කන්ධය බවටත් පත් කළ හැකිය''-ස්කන්ධ සංස්ථිති නියමය(ඇන්ටනි ලෝරන්ස් ලැවෝසියර් 1743-94).නවීන විද්‍යාව හමුවේ මැවීම අනාථ වේ,නමුත් නිර්මල බුදු දහම සනාථ වේ.අද බොහෝ දෙනෙකු කෘතිම සෝවාන් ඵල විඳිමින්,කෘතිම මාර්ග ඵල අත්විඳිමින් අන්තවාදී අදහස් ''අපි ජනතාවට මහත් ආදරයෙන් යුක්තවෙමු,අපි ජනතාව මිත්‍යාවෙන් ගලවමියි කියා ,අන්තවාදී අදහස් පතුරයි බුදු දහම විනාශ වන ආකාරයට තම පෞද්ගලික මත ඉදිරිපත් කරයි.එවැනි විනාශකාරීන්ගෙන් ප්‍රවේශම් වන්න.

    ReplyDelete
  4. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය
    1.දුන් දෙයෙහි විපාක නැත. 2.පූජාවන්හි විපාක නැත. 3.වෙතට කැඳවා දෙන දානයේ විපාක නැත. 4.පින් පව්හි විපාක නැත. 5.මෙලොවක් නැත. 6.පරලොවක් නැත. 7.මවට කරන උපකාරවල විපාක නැත. 8.පියාට කරන උපකාරවල විපාක නැත. 9.ඕපපාතික සත්ත්වයින් නැත. 10.මහණ බමුණන් නැත

    ReplyDelete
  5. ගරු වේරගම මැතිදුනි ඔබ අන් අය මිථ්‍යාවෙන් මුදවාගැනීමට පෙර ඔබ,මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සිටින්න!

    ReplyDelete
  6. පුනර්භවය ද මිත්‍යාවක්

    ReplyDelete
  7. එකගයි බ්‍රෝ..👍

    ReplyDelete

 
Toggle Footer
Top