5 comments

මරණය

11:14 PM

මරණ බිය..
ලෝකයේ සියලු මිනිසුන්ට ඇති එක පොදු කාරණයක් තමඉ මරණ බිය. කුමන ආගමේ උනත් කුමන ජාතියේ උනත් අපි මැරෙනවනේ යන සිතිවිල්ල හැමදෙනා තුලම තියනවා. හැමදෙනාම කිව්වට සමහර පුද්ගලයො ඉන්නව ලෝක යතර්ථය දැක මරණය තේරුම් ගෙන ඉන් නිදහස් වූ අය. ඔවුන් ඉන්නේ හරිම සතුටෙන්. මොකද ඔවුන්ට මරණ බිය නෑ. ඒ ඔවුන් තමා මැරෙනවා කියන සංකල්පය හැදුන හැටි දැක ඉන් නිදහස් වූ නිසා.

සංකල්පයක් පමණි..
මුලු ලෝකයම සංකල්ප ගොඩක එකතුවක්. මරණය තවත් එක සංකල්පයක්. හැබැයි ඒක නිකම්ම අතහරින්න කවුරුවත් කැමති නෑ. ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. අල්ලගන්නමයි ඕනකම තියෙන්නේ, අතහරින්න කැමතිම නෑ.

මරණයෙන් නිදහස් විය හැකිද?
සිත, ආත්මය, මම,.. යන ස්තිර දෙයක් ඇති බව පිලිගන්නා තුරු මරණය පවතී. නිදහස් වීමක් කල නොහැක. නමුත් මේ සියලු සංකල්ප හරයක් නැති බව දුටු පුද්ගලයා මේවා තවදුරටත් තදින් අල්ලාගෙන නොසිටී. ඔහු ඉන් නිදහස් වේ.

5 comments:

  1. Priyantha Abe//එතකොට, නිවන, ස්වර්ගය, දෙව්ලොව, යම ලොව සියල්ල ම සංකල්ප ද? නැත්නම් මහා කෙප්ප ද? ඇත්ත විය නොහැකි ද?//

    සියල්ලම සංකල්ප. ඔය ඔක්කොම අපි හදාගත්තේ අනුන්ගෙන් එකතුකරගත් දැනුමෙන්. අපිට අවුරුදු හයක් විතර යනව මව් කුසෙන් එලියට ඇවිත් ඔය වගේ සන්කල්ප ස්ථිර කරගන්න. ස්ථිර කරගන්නේ කොතැනද, මොලයේ මතකය විදියට තැම්පත් කරගන්නව අනුන්ගෙන් ගත් දැනුම, නැවත පාවිච්චි කල හැකිවෙන විදියට..

    ReplyDelete
  2. Priyantha Abe//මට නම් ඒවා තුල යම් අරුතක් තියෙනවා. මරණය කියන්නෙ සංකල්පයක් නම්, ජීවත්වීම කියන්නෙ විකල්පය ද?//

    ඔබ හිතන්නෙ අපි මේ ජීවත් වන්නෙ සැබෑවක කියලද? අපි හැමෝම ඉන්නෙ හීනෙක. මරණය කියන්නේ එම හීනයේම කොටසක්.

    ReplyDelete
  3. Priyantha Abe//මනුෂ්‍යයෙක් වෙලා හුඟ කලකට වරක් උපදින කෙනෙකුට, මරණයට පසු නැවත මනුෂ්‍ය උපතක් නොලබන බව දකින්න ලැබේ නම් එය බිය විය යුතු දෙයක් ද?//

    නැවත උපදිනවා කියන සංකල්පය ජෛන ආගමේ සංකල්පයක්. එය සැබෑවක් නොවෙයි. ඔබට අවශ්‍ය නම් බුද්ධ දර්ශනයේ ඕකට දුන් උත්තරය දෙන්නම්.

    ReplyDelete
  4. Priyantha Abe//මරණයට භය නැති අය, මැරිලා ඒ බව තහවුරු කරන්න ඕන නේ ද?//

    මරණයක් නොමැති අයෙක් මැරෙන්නේ කොහොමද? ඇත්තේ සම්මුති මරණයක් පමණි. ඒකත් තමන් දන්නෙ නෑ. වෙන කෙනෙක් කියන්න ඕන මූ මැරිල ඉන්නෙ මුගේ නාඩි වැටෙන්නෙ නෑ, මුගේ මොලේ මැරිලා ආදී වශයෙන්...

    ReplyDelete
  5. කවුරු මොන සම්මුතියේ හිටියත් හේතු ඵල නියාමය ක්‍රියත්මකයි.එවා සම්මුති නොව පරමර්ථ ධර්මයි.මරණය හැම මොහොතකම වෙන දෙයක් ඒ කියන්නේ මේ ලෝකය හැදිලා තියන ශුද්ධාෂ්ඨක ඇතිවී ,පැවතී,නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි.කොටින්ම කීවොත් මරණය යනු මේ ශුද්ධාෂ්ඨක වල නැතිවීමයි.එය ක්ෂණික මරණයයි.ඇත්තටම ජීවියකුගේ ජීවිතය නැති වෙනවා යනු ස්කන්ධ පරම්පරාවේ අලුත් වීමයි.මෙහිදී මැරුණු සත්ත්වයාගේ කයෙන් ආත්මයක් පිටවයනවා ලෙස ඇදහීම'උච්ඡේද දෘෂ්ටියයි.එය මිථ්‍යා දෘෂ්ටියකි.නමුත් හේතු ඵල නියාමය ක්‍රියාත්මකනම් එනම්,පරමාර්ථ ධර්ම හේතු කොටගෙන පටිච්ච සමුප්පාදය අනුව නැවත ස්කන්ධ සමූහයක පහළ වීමක් ඇතිවෙනවා.මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා මහත්මයානෙණි.....එහෙනම් අපි හිතුවොත් සත්තුත්,මිනිස්සුත් ගස්වැල් මැරෙන්නාක් මෙන් මැරිලා යනවා......ගහේ බීජ වලින් පැළ හැදෙන්නා වගේ මිනිස්සුන්ගේ බීජ එකතුවී මිනිස්පරම්පරාවක් හැදීමක් විතරයි වන්නේ කියල හිතුවොත් නැවත උපතක් නෑ කියලා දැක්කොත් ඒදැකීමත් මිථ්‍යා දෘෂ්ටියක්.හේතු ඵල අනුව ස්කන්ධවල පහළ වීමයි....නැවත උපදිනවා කියන්නේ...ඔයකතාව පස්සේ ලැවෝසියර් කියන භෞතික විද්‍යාඥයා සොයගත්තේද මේ ස්කන්ධ ධාතුවල අංශුමය හා තරංගමය ස්වභාවයයි.''ලෝකයේ කිසිම ස්කන්ධයක්[රූපකොටස්]හෝ ශක්තියක් මැවිය නොහැකිය.විනාශ කිරීම කළ නොහැක .ස්කන්ධයක් ශක්තිය බවටත්,ශක්තිය ස්කන්ධය බවටත් පත් කළ හැකිය''-ස්කන්ධ සංස්ථිති නියමය(ඇන්ටනි ලෝරන්ස් ලැවෝසියර් 1743-94).නවීන විද්‍යාව හමුවේ මැවීම අනාථ වේ,නමුත් නිර්මල බුදු දහම සනාථ වේ.අද බොහෝ දෙනෙකු කෘතිම සෝවාන් ඵල විඳිමින්,කෘතිම මාර්ග ඵල අත්විඳිමින් අන්තවාදී අදහස් ''අපි ජනතාවට මහත් ආදරයෙන් යුක්තවෙමු,අපි ජනතාව මිත්‍යාවෙන් ගලවමියි කියා ,අන්තවාදී අදහස් පතුරයි බුදු දහම විනාශ වන ආකාරයට තම පෞද්ගලික මත ඉදිරිපත් කරයි.එවැනි විනාශකාරීන්ගෙන් ප්‍රවේශම් වන්න.

    ReplyDelete

 
Toggle Footer
Top