2 comments

දේව නියෝජිතයන් 1

1:01 AM
Agents of the god.

දේව නියෝජිතයන් 1:

අමනුස්ස බලවේග සහ දේව බලවේග ප්‍රචාරය කරන තවත් කණ්ඩායමක් සිටී. මොවුන්ගේ යැපුම් මාර්ගය හා රැකියාව මෙම අදෘෂ්‍යමාන බලවේග මත ගොඩනැගී ඇත. මොවුන්ගේ විශේෂත්වය වන්නේ නීතියේ රැහැනට හසු නොවී ප්‍රසිද්ධියේ හොරකම්, වන්චා, දූෂන ඉතා මහා පරිමානයෙන් කරනෙන යන ලොව සිටින සුවිශේෂී වරප්‍රසාදලත් පිරිසක් වීමයි (දැනට.) හේතුව වන්නේ මොවුන් පිලිබඳ තවම අප රටේ නීති සකස් වී නැති බවත්. සිදුකරන අපරාධ සම්බන්ධයෙන් පවතින සාක්ශි ප්‍රමානවත් නොවනබවත්ය. එසේ වන්නේ අපරාධයට ගොදුරු වන්නා හොරාගේ ගුබ්බෑයම ඇතුලටම ගොස් ගොදුරක් වීමය. අන්තිමට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තමයි වෙන්නේ. නඩු කියන්න සාක්කි නෑ. හොරා අහුවෙනහොට අතේ පිච්චියක් නෑ හොරාට අහුවෙච්ච කෙනාගෙ.

ඔවුන් නමින් කපුවන්/කට්ටඩියන්/ඇදුරන් ලෙස හඳුන්වයි. මොවුන් ඉතා කපටි ඉතා සරල උපක්‍රම භාවිතා කරමින් ජනයා මුලාකර මෙම ප්‍රචාරන කටයුතු සිදුකරගෙන යයි. මුලින් ජනයා මුලාකිරීමත් පසුව බිය වැද්දීමත් පසුව මානසික බලපෑම් කිරීමත් යන ක්‍රියා පටිපාටිය මොවුන් ගෙනයයි.

ඇතැම් මහා පරිමාන වශයෙන් කරගෙන යනු ලබන දේව නියෝජිත සේවාවන් තුල පොඩි පොඩි මැජික් හා ත්‍රාසජනක වැඩකිඩ ටිකක්ද පෙන්නන්නට මොවුන් පුරුදු වී සිටී. ඒ ජනතාව තුල තමන්ට ඇති බලය (දේව බලය ) පෙන්වීමටයි.



Watch Full Video:
https://www.youtube.com/watch?v=dcMDtWtD-kA

2 comments:

  1. ගරු වේරගම මැතිදුනි ඔබ අන් අය මිථ්‍යාවෙන් මුදවාගැනීමට පෙර ඔබ,මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සිටින්න!

    ReplyDelete
  2. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය
    1.දුන් දෙයෙහි විපාක නැත. 2.පූජාවන්හි විපාක නැත. 3.වෙතට කැඳවා දෙන දානයේ විපාක නැත. 4.පින් පව්හි විපාක නැත. 5.මෙලොවක් නැත. 6.පරලොවක් නැත. 7.මවට කරන උපකාරවල විපාක නැත. 8.පියාට කරන උපකාරවල විපාක නැත. 9.ඕපපාතික සත්ත්වයින් නැත. 10.මහණ බමුණන් නැත

    ReplyDelete

 
Toggle Footer
Top