0 comments

මන්තර

8:35 PM


මන්තර වල මූලාරම්භය ඉන්දියාවේ වෛදික ආගමයි (වේදයයි). භාරතයේ බුදුන් පහලවීමට ප්‍රථම පැවති වෛදික ආගම් වල පදමන වන්නේ වේද ග්‍රන්ථයි.

වේදයට අනුව මන්තර වල බලය විස්තර කරන්නේ මෙසේයි.
"විශ්වය යනු ශබ්දයයි"

ඇත්තටම ශබ්දය කියන්නේ කුමක්ද? ශබ්දය කියන්නේ වාතය කම්පනය මගින් අපේ කන් බෙරය කම්පනය වූ විට මොලය එය හඳුනා ගන්නා ආකාරයයි. නැතුව ශබ්දය කියා දෙයක් නැත.

ඔන්න මෙහෙම කිව්වනම් හරි "විශ්වය යනු කම්පනයයි"

එවිට එය ඉතා සර්ථක ලෙස විද්‍යාවෙන් හා බුදුදහමෙන් පැහැදිලි කල හැක.

එහෙත් විද්‍යාව කොතැන හෝ කොනක එල්ලේ. ඉලෙන්ට්‍රොන, මීසෝන වගේ...නමුත් එදවස බුදුන් වදාලේ ,
"සුද්ධ ධම්මා පවත්තන්ති" . සුද්ධ වූ ධර්මතා පමණක් (ආපෝ,තේජෝ,වායෝ, පඨවි ආදී වශයෙන්) ගුනයන් පමනක් පවතින බවත් පදාර්ථයක් ලෙස ඉතිරිවී නැති බවත්ය.
 

0 comments:

Post a Comment

 
Toggle Footer
Top